උසස් පෙළ විභාගය කියන්නෙ Game එකක්. Game එකක් දිනන්න අපිට තියෙන්න ඕනෙ හොඳ Plan එකක්. ඒ නිසා ම තමයි Economics With Amila Dias අපි උසස් පෙළ ට හොඳම Plan එක විදියට Game Plan විභාග මාලාව හඳුන්වාදෙනු ලැබූවා.
මෙම විභාග මාලාව Preliminary Level , Foundation Level, Intermediate Level, Final I, Final II, Final III ලෙස අදියර 6 කින් සමන්විත වන විශේෂිත වූ විභාග මාලාවක් වේ.
මෙම විභාග මාලාව සඳහා මුහුණ දෙන දරුවන් හට කාල කලමණාකරණය, ලකුණු මත බර තැබූ පිළිතුරුකරණය, පිළිතුරු ලබාගැනීමේ කෙටි ක්‍රම පිළිබඳ පුහුණුව, නව්‍ය ප්‍රශ්ණ රටාවන් වලට මුහුණ දීමේ විභවතාව දියුණුකිරීම මෙම විභාග මාලාවේ අභිප්‍රාය වෙනවා.
කළුතර, කොළඹ, ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්ක වල දරුවන් Game Plan හරහා සිය දැනුම ජාතික විභාගයේදී ඉහළම තැනකින් සනිටුහන් කිරීම සඳහා විශ්වාසයෙන් පුහුණුවීම කරවීම සිදුවේ.
විෂයෙහි අලස හෝ නීරස බව වෙනුවට විෂයෙහි තාර්කික හා ප්‍රායෝගික බව ඔප්නංවමින් සිය දේශන ශාලාව තුළ ආර්ථික විද්‍යාව රසවත් විෂයක්ය යන්න තහවුරු කිරීමට ඔහු සමර්ථ වූයේ ඕනෑම දැනුම තලයක දරුවන්ට ග්‍රහණය කරගත හැකි ආර්ථික විද්‍යා විග්‍රහයන් මඟිනි.
ආර්ථික විද්‍යා විෂයට ආදරය කරන විෂයාවබෝධයෙන් ආර්ථික සංසිද්ධීන් සිතන - විමසන සිසු ප්‍රජාවක් වෙනුවෙන් කළ ඉගැන්වුම් අරගලය කෙටි කාලයක් තුළම මල්ඵල ගැන්වූයේ කොළඹ, කළුතර, ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්ක වල විසල් සිසු සහභාගිත්වයෙන් පමණක් නොව විශිෂ්ට ප්‍රතිඵල බිහිකරන දරුවන්ගේ ප්‍රමුඛ මඟපෙන්වන්නා බවට පත්වෙමිනි. එය දිස්ත්‍රික් කුසලතා මතනොව ජාතික කුසලතාද සහිත නව යුගයක ආරම්භයයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමණාකාරණය පිළිබඳ විද්‍යාවේදී විශේෂ උපාධියක් ද, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකරණ ආයතනය, ගණකාධීකරණ ශිල්පීය ආයතනය මඟින් පවත්වන වෘත්තීය විභාග ද සමත් අත්දැකීම් බහුල ප්‍රවීණ ගුරුවරයෙකි.